Anti Viral Immune Enhancer - Deegayu Nidosha Instant Peyawa

Quick Overview

Introduction :

ජාතියේ ක්ෂණික ප්‍රතිශක්ති ප්‍රවර්ධන පානය

Nation's Instant Immune Enhancing Brew

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කරමු.

Enhance the Immune Power to Face Corona Virus Threat

පේයාව යනු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග තත්වයන් සමනය කිරීම සඳහා භාවිතාවන සම්ප්‍රදායික පානයකි. දීගායු සමාගම විසින් මෙම පානය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයන් මගින් නිර්මාණය කරන ලද එම රෝග තත්වයන් සමනය කිරීමේ හැකියාවැති ආයුර්වේද හා දේශීය ශාක ඖෂධ 18 ක ජලීය සාරය අඩංගු වට්ටෝරුවකට අනුව මෙම පානය නිෂ්පාදනය කර දීගායු නිදෝෂා ක්ෂණික සමන පේයාව නමින් ඉදිරිපත් කර ඇත. සෑම සවිවර පැකට්ටුවකම උක්ත ඖෂධ 18 හිම ජලීය සාරය ආයුර්වේදයේ සඳහන් කෂාය සංස්කරණ පරිභාෂාවට අනුකුල ලෙස ජලය භාවිතාකර නිස්සාරණය කර ග්‍රෑම් 2 ක ප්‍රමාණයක් තේ කැබලි වලට සමාන අංශු ලෙස සකස්කර ඉදිරිපත් කර ඇත.

දීගායු නිදෝෂා ක්ෂණික සමන පේයාව නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු අවස්ථාවක ඖෂධ සාර නිස්සාරණය සඳහා කිසිදු රසායනික ද්‍රාවකයක් භාවිතා නොකරනු ලබන අතර නිස්සාරණ මාධ්‍යය ලෙස ජලය පමණක් භාවිතා කර ඇත. තවද ඖෂධ සාරය අඩංගු කිරීම සඳහා සීනි හෝ අන් කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිත කර නොමැති අතර වට්ටෝරුවෙහි අඩංගු ඖෂධ පමණක් වාහක ද්‍රව්‍ය ලෙස භාවිතාකර ඇත.

මෙම හේතුව නිසාවෙන් දීගායු නිදෝෂා ක්ෂණික සමාන පේයාව 100 % ක් ස්වභාවික ඖෂධයක් ලෙස සැලකිය හැකි අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති සම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා වන ප්‍රඥප්තියට 100 % ක් අනුගත බව සඳහන් කල හැක.

Peyava is the term used for a traditional drink used in Sri Lanka and some parts of India as a remedy for common colds and flu. Deegayu has designed and developed its Nidosha Instant Peyava based on a recipe comprising of 18 Ayurveda botanical ingredients. The standardized water extract of these botanical parts have been obtained through a proprietary technology developed by Deegayu and packed in to a filter bag and presented as a tea type drink. Each filter bag contains 2 grams of tea cut size powder impregnated with water extracts of parts of those 18 botanical species.

The manufacturing process of Deegayu Nidosha Instant Peyava is 100 % in compliance with the Guidelines issued by the World Health Organization on appropriate use of Traditional medicines. Deegayu assures that Nidosha Instant Peyava contains only water extracts of those 18 botanical ingredients in the formula and free from sugar, chemicals, flavors, preservative, thickeners or any kind of additives either artificial or natural.

දීගායු නිදෝෂා 18 පන්ගුවේ ක්ෂණික සමන පේයාව වට්ටෝරුවෙහි සීනි හෝ කිසියම් ආයුර්වේද හෝ ස්වාභාවික නොවන ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුලත් කර නොමැති නිසා මෙම පානය ළදරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම වයස් වල පසුවන්නන් හට ආරක්ෂාකාරී වන අතර දියවැඩියාව, හෘද රෝග, අංශභාග ආදී විවධ රෝග වලින් පෙලෙන්නන් හටද කිසිදු බියකින් හෝ සැකයකින් තොරව පාවිච්චි කල හැක.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උණ , ඇඟපත වේදනාව අජීර්ණය හා පීනස සඳහා ප්‍රත්‍යක්ෂ ගුණ දෙන දීගායු නිදොෂා ක්ෂණික සමාන පේයාව, තේ , කොපි වැනි ඕනෑම පැනයක් සමග හෝ උණු ජලය සමග පානය කල හැක. දිනපතා පානය කිරීමෙන් විවිධ පීනස් රෝග ගා ජීරණ ඌනතා වලකාගත හැකිය.

දවස අවසානයේ වෙහෙස මහන්සියෙන් පැමිණ පානය කරන තේ කෝප්පයට දීගායු නිදොෂා ක්ෂණික සමන පේයාව පැකට්ටුවක් එක්කර ගැනීමෙන් සිරුරේ වේදනාව හා කෙඩෙත්තු ගතිය ඉක්මනින්ම සමනය කර ගත හැකියි. සෙම් කෝපය නිසා ඇතිවන විවිධ අපහසුතාවයන්ද සමනය කර ගත හැක.

18 Ayurveda Botanical Ingredients in Nidosha Instant Peyawa :

1). Corriander (Corriandrum sativam) - කොත්තමල්ලි

2). Ginger (Zingibar officinale) - ඉඟුරු

3). Long Pepper (Piper longam) - තිප්පිලි

4). Black pepper (Piper nigram) - ගම්මිරිස්

5). Kantakari (Solanum xanthocarpum) - කටුවැල්බටු

6). Parpata (Hedyotis corymbosa) - පත්පාඩගම්

7). Turmeric (Curcuma longa) - කහ

8). Liquorice (Glyzirrhiza glabra) - වැල්මී

9). Adathoda (Adathoda vasica) - ආඩතෝඩා

10).. Vishnukranthi (Evolvulus alsinoides ) - විශ්නුක්‍රාන්ති

11).Venivel (Coscinium fenestratum) - වෙනිවැල්ගැට

12).Elabatu (Solanum indicum) - එළබටු

13).Sirithekku (Clerondendron serratum) - සිරිතේක්කු

14).Suduru (Carum copticom) - සූදුරු

15).Asamodagam (Carum copticum) - අසමෝදගම්

16). Kapparawalliya (Plectranthus amboinicus) - කප්පරවල්ලිය

17). Nelli (Phylanthus emblica) - නෙල්ලි

18). Araththa (Alpinia galanga) - අරත්ත

How to use: පාවිච්චි කරණ පිළිවෙල :

Take Deegayu Nidosha Instant Peyava two sachets in boiled water at the onset of a cold to prevent catching cold.

If already caught cold , take four sachets per day at regular intervals with boiled water or any hot beverage such as tea or coffee. Sugar or any preferable sweetener can be added if required since the product is sugar free.

ප්‍රතිශ්‍යාව වැළඳීමට ආසන්න අවස්ථාවකදී නම් වරකට දීගායු නිදෝෂා සවිවර ඇසුරුම් දෙකක් බැගින් එකවර නටවාගත් ජලය සමග දිනකට කිහිප වරක් පානය කරන්න. එමගින් ප්‍රතිශ්‍යාව වැළඳීම වලකාගත හැක.

ප්‍රතිශ්‍යාව දැනටමත් වැළඳී ඇති අවස්ථාවකනම් වරකට එක් පැකට්ටුවක් බැගින් දිනකට සිව් වරක් පමණ වනසේ නටවාගත් ජලය නැතිනම් තේ හෝ කොපි වැනි උණුසුම් පානයක් සමග මුසු කොට පානය කරන්න.

Health benefits: රෝග අවස්ථා :

Viral infections, Colds, flu, cough, body ache, indigestion and catarrh.

වෛරස් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උණ , කැස්ස , සිරුරේ වේදනාව , අජීර්ණය හා පීනස සඳහා ප්‍රත්‍යක්ෂයි.

Customer Reviews

Write Your Own Review

You're reviewing: Anti Viral Immune Enhancer - Deegayu Nidosha Instant Peyawa

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka