Deegayu presents the product of the month for November 2022.

දීගායු මාසයේ නිෂ්පාදනය - නොවැම්බර් 2022.


රසායනික ඖෂධ වලින් තොරව දියවැඩියාව වැලැක්වීම ,

පාලනය හා සුවය සඳහා

බුද්ධිමත් හා ප්‍රායෝගික පිවිසුමක්……!!!!!!!

දීගායු නිමධුරා ස්වාභාවික දියවැඩියා ප්‍රතිකාරය

කරල් හා සීනි දහන පානය ලෙසින්,

දියවැඩියාව නමින් ප්‍රචලිතව බෝ නොවන වසංගත රෝගයක් ලෙස පැතිර යමින් පවතින ඉතා අවාසනාවන්ත රෝග තත්වයට බලපාන ප්‍රධානතම හේතුව ලෙස රුධිර සීනි මට්ටම සාමාන්‍ය නිරෝගී මට්ටම අභිබවා ඉහල යාම සහ එම මට්ටම ඖෂධ වලින් තොරව සාමාන්‍ය මට්ටමට පත් නොවීම ලෙස සැලකේ.

අප විසින් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් හෙවත් පිෂ්ටය, සීනි, ප්‍රෝටීන , ඛනිජ ලවන, මේද, මධ්‍යසාර, විවිධ පාන ආදී මෙකී නොකී සෑම ආහාරයක්ම ජීරන ක්‍රියාවලියේදී අප සිරුරට ශක්තිය හෙවත් කැලරි විවිධ ප්‍රමාන වලින් ලබාදෙයි. මෙලෙස ලබාදෙන ශක්තිය රුධිරය මගින් සෛල කරා ගෙනයාමෙන් එම සෛලවල පැවැත්ම සඳහා අවශ්‍ය පෝෂණය ලබා දෙනු ලබයි. කිසියම් හේතුවක් නිසා රුධිරය මගින් මෙම සෛල වලට අවශ්‍ය පෝෂණය ලබා නොදුනහොත් එම සෛලවල පැවැත්ම අඩාලවේ. සිරුරේ සියලු ඉන්ද්‍රියයන් නිර්මාණය වී ඇත්තේ සෛල වලින් හෙයින් සෛලවල පැවැත්ම අඩාළ වීම යනු එම වටිනා ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වයද අඩපන වීමයි. මෙසේ අඩපන වීමේ ප්‍රතිඵල ලෙස ලිංගික දුර්වලතාවයන්, අක්ෂි ආබාධ, හෘද රෝග, ස්නායු දුබලතා වැනි විවිධ රෝග තත්වයන් ලෙස මෙම දුර්වලතාවයන් ඉස්මතුවේ.

මෙහි ප්‍රතිවිරුද්ධ අර්ථය ලෙස , අප අනුභව කරනු ලබන සියලු දේ , ආහාර ජීරණ පද්ධතිය තුලදී නිවැරදි ලෙස ජීරණය වීම සිදු කෙරෙයි නම් ආහාර වලින් උකහා ගන්නා පෝෂණ පදාර්ථ සෑම සෛලයක් වෙතම රුධිරය හරහා සම්ප්‍රේෂණය වී එම සෛලයන් කරා ප්‍රවිෂ්ට කරවනු ලබන අතර එමගින් සියලු ඉන්ද්‍රියයන් නීරෝගිමත්ව පවත්වාගෙන යාමට උපකාර වේ.

එසේ නම් දියවැඩියා රෝගයෙන් මිදීම සඳහා සිදුකල යුතු ප්‍රධානතම කාර්යය වනුයේ අප විසින් අනුභව කරනු ලබන ආහාර නිවැරදිව හා කාර්යක්ෂම ලෙස ජීරණය වීම සදහා වන සියලු අවශ්‍යතාවයන් ආහාර ජීරණ පද්ධතිය තුල සිදු කරවීමයි. අපගේ ආහාර ජීරණ පද්ධතිය මුඛයේ සිට ගලනාලය, ආමාශය හා බඩවැල් හරහා ගුද මාර්ගය දක්වාම පැතිර පවතී. මෙම මාර්ගයේ සියලු ස්ථාන වලදී ජීරණ ක්‍රියාවලිය සඳහා උපකාර වන විවිධ ශ්‍රාවයන් එන්සයිම , හෝමෝන ආදී වශයෙන් නිකුත් කරනු ලබයි. ඉන්සියුලින් ලෙස හැඳින්වෙන්නේ අග්න්යාසය නම් ඉන්ද්‍රිය මගින් නිකුත් කරනු ලබන එක් ශ්‍රාවයක් පමණි. ඒ හැරුණු විට අනෙකුත් සියලුම ශ්‍රාවයන් නුතන වෛද්‍ය විද්‍යාව විසින් හඳුනාගෙන ඇති බවක් මෙතෙක් සනාථ කර නැත.

ආහාර පිසීමේදී හා පිළියෙළ කිරීමේදී ඒ සඳහා විවිධ කුළු බඩු හෙවත් තුන පහ වර්ග ඇතුළු විවිධ කළමනා එක් කිරීම මගින් සිදු කරනුයේ එම ආහාර ජීරණය සඳහා අවශ්‍ය ශ්‍රාවයන් නිකුත් කිරීම සඳහා අදාළ ඉන්ද්‍රියයන් උත්තේජනය කර වීමයි.

අද අප ආහාරයට ගන්නා ද්‍රව්‍ය හා කුළුබඩු වල ගැලපීම මෙන්ම ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සලකා බැලීමේ දී පැහැදිලි වන ප්‍රධානතම කරුණ නම් ඒවා අතර කිසිදු ගැලපීමක් නොමැති බවය. තුන පහ ලෙස අප භාවිතා කරන වෙළඳ පොලෙන් මිලට ගන්නා පැකට්ටුව තුල තිබෙන ද්‍රව්‍ය පිලිබඳ කිසිදු අවබෝධයක් එය භාවිතයට ගන්නා කිසිවෙකු සතුව නොමැති අතර ජීරණ ක්‍රියාවලිය පිළිබඳව කිසිදු හැගීමකින් තොරව මෙම ද්‍රව්‍ය යොදා ආහාර පිළියෙළ කර අනුභව කරනු ලබති .

තවද, ප්‍රධාන ආහාර වේල් තුන හා අතුරු ආහාර මගින් සිරුරට ඇතුළු කරනු ලබන කැලරි ප්‍රමාණයන් පිළිබඳවද බොහෝ දෙනෙකු හට කිසිදු අවබෝධයක් තිබේ යැයි සිතිය නොහැක. මෙම නොගැලපීම මගින් සිරුරට ඇතුළු කරනු ලබන අධික කැලරි ප්‍රමාණය නිවැරදිව ජීරණය සිදුකර ශක්තිය බවට පරිවර්තනය නොවීමේ ප්‍රතිඵලය රුධිරයේ සීනි අධික බව ලෙසට පරිවර්තනය වීම මගින් ක්‍රමයෙන් දියවැඩියා රෝගියෙකුගේ තත්වයට පත් වීම සිදුවේ. මෙසේ දියවැඩියා රෝගියෙකු බවට පත්වන්නා පසුව ක්‍රමයෙන් හෘද රෝගියෙකු හා ස්නායු ගත රෝගියෙකු බවට පත්වීම මගින් ඔහු හෝ ඇය සදාකාලික රෝගියෙකු ලෙස දුක් විඳ අවසානයේ ජීවිතයෙන්ම දුක්මුසු ලෙස සමුගනී.

ජීරණ ක්‍රියාවලිය රසායනික ඖෂධ වලට නිවැරදි කල හැකිද?

රසායනික ඖෂධ ප්‍රතිකාර ආරම්භ වනුයේ රුධිර සීනි මට්ටම සීමාව ඉක්මවා යන අවස්තාවේදීය. එවිට සිදු කරනුයේ රුධිර සීනි මට්ටම පාලනය කිරීම සඳහා වෙනත් රසායනිකයක් රුධිරය හා මුසුකිරීමයි. මෙම රසායනික සංඝටකය දවසේ පැය 24 පුරාම රුධිරය තුල සංසරණය වෙමින් රුධිර සීනි මට්ටම පහල දැමීමට සමත් වේ. එම රසායනික සංඝටකය රුධිරය තුල නොමැති වූ වහාම සීනි මට්ටම නැවත ඉහල යාම සිදුවේ. එනම් සීනි මට්ටම පහල අගයක් පෙන්වීමට නම් මෙම රසායනිකය රුධිරය තුල තිබිය යුතුම බව එකම කොන්දේසිය බවට පත්වේ. රුධිරයට මුසුව ඇති මෙම සංඝටකය සිරුරේ සෑම ඉන්ද්‍රියක් තුලටම පිවිසෙන අතර වකුගඩු හරහා රුධිරය පෙරීම සිදුවන අවස්ථාවේ එය වකුගඩු වල තැන්පත්වීම සිදුවේ. බොහෝ කාලයක් මෙසේ තැන්පත්වීම වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපන කිරීමට හේතුවන අතර අවසානයේ නව වකුගඩුවක් බද්ධ කර ජීවත්වීම හෝ ජීවිතයෙන් සමුගැනීම යන දෙකින් එකක් තෝරාගැනීමට සිදුවන තැනට පත්වීමට සිදුවේ.

රසායනික ඖෂධ බොහොමයක අඩංගු වනුයේ බොහෝවිට එක් රසායනික සංඝටකයක් පමණි. ආහාර ජීරණ ක්‍රියාවලිය උත්තේජනය සඳහා උපකාර කෙරෙන ස්වාභාවික ශාක ඖෂධීය හා කුළු බඩු වැනිදේ පිළිබඳව සැලකුවහොත් ඒවා අසීමිත රසායනික සංඝටක ප්‍රමාණයකින් සමන්විත වේ. ඒ හා සමාන රසායනික සංඝටකයක් නිර්මාණය කිරීම වසර දහස් ගණනක් පර්යේෂණ කිරීමෙන් හෝ සිදු කල නොහැක. ඒ තබා බටහිර ඖෂධ සඳහා යොදාගැනෙන කිසිදු රසායනික සංඝටකයක් ලොව විවිධ සංස්කෘතීනට අයත් ජනතාව විසින් අනුභවයට ගන්නා ආහාර සමග සිදු වන අන්තර් ක්‍රියා පිළිබඳව නිවැරදි හා විධිමත් අධ්‍යයනයන්ද සිදුකර නොමැත. මෙම හේතුව නිසාම බටහිර රසායනික ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරුන් හට එම රසායනිකයනට නොගැලපෙන වැලකියයුතු ආහාර පිලිබඳ උපදෙස් දීමේ හැකියාවක්ද නොපවතී. මේ පිළිබඳව අධ්‍යයනය කරන සමහර විද්වතුන්ගේ මතය වනුයේ මෙම ඖෂධ හා ආහාර අතර සිදුවන අන්තර් ක්‍රියා හේතුවෙන් විවිධ අතුරු ආබාධ , පිළිකා ආදී රෝග වලින් වසරකට ලොව පුරා නිහඬව මිය යන සංඛ්‍යාව ලක්ෂ ගණනක් බවයි.

තවද ජාත්‍යන්තර දියවැඩියා සංගම් විසින් බටහිර රසායනික ඖෂධ වලින් දියවැඩියා රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැති බව පිළිගෙන ඇත.

ස්වාභාවික ශාකමය ඖෂධ වලින් දියවැඩියා රෝගයට සාර්ථක ප්‍රතිකාර තිබේද ?

සත්‍ය වශයෙන්ම දියවැඩියා රෝගය වැලැක්වීම, පාලනය හා සුව කිරීම සඳහා සාර්ථක ඖෂධීය ගුණ අඩංගුව ඇත්තේ ස්වාභාවික ශාක තුල පමණි. ලොව පවතින ශාක සන්තතිය විවිධ ශාක 4,90,000 කින් පමණ සමන්විත වේ. ආයුර්වේද , චීන, ජම්මු ආදී පැරණි වෛද්‍ය ක්‍රම විසින් දැනට භාවිතයට ගනුයේ විවිධ ශාක ඖෂධ දෙදහසකටත් අඩු සංඛ්‍යාවකි. බටහිර වෛද්‍ය ක්‍රමය විසින් මෙතෙක් දියවැඩියා රෝගය සඳහා නිර්මාණය කර ඇත්තේ රසායනික ඖෂධ 74 ක් පමණ සංඛ්‍යාවක් බව සඳහන්ය. ලොව පුරා සියලු දියවැඩියා රෝගීන්හට විවිධ වෙළඳ නාම වලින් නිර්දේශ කරනු ලබන මෙට්ෆෝමින් යන රසායනික ඖෂධය නිර්මාණය කර ඇත්තේ 1955 වසරේදීය. එනම් වසර 70 ක පමණ කාලයක් තුල එයට වඩා දියුණු කිසිදු රසායනික ඖෂධයක් කිසිම සමාගමක් හෝ රජයක් විසින් නිර්මාණය කර නොමැත. ඉන්සියුලින් නමැති හෝමෝනය සොයාගෙන ඇත්තේද 1921 වසරේදීය. නිෂ්පාදන තාක්ෂනයන් කෙතෙක් දියණු කලද, වෙනත් කිසිදු ඒ හා සමාන හෝ වඩා ගුණ දෙන වෙනත් ඖෂධයක් පසුගිය වසර 100 කට ආසන්න කාලයක් තුල සොයාගෙන නොමැත. දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී බටහිර ඖෂධ වල ඇති නොහැකියාව සඳහා ඉහත උදාහරණ දෙක පමණක් වුවද අතිශයින් ප්‍රමානවත්වේ.

එසේනම් විසඳුම කුමක්ද ?

පිළිතුර ඉතා සරල මෙන්ම අතිශයින් බුද්ධි ගොචරද වේ. එනම් ආහාර ජීරණ පද්ධතිය තුලදී පිෂ්ටය හා සීනි පූර්ණ වශයෙන් ජීරණය සිදුකර රුධිරයට අධික ලෙස සීනි එක්වීම වැලැක්වීම මගින් දියවැඩියා රෝග තත්වයට පත්වීම වැලැක්වීමයි.

එය සිදු කල හැකි ඖෂධ දැනට නිර්මාණය කර තිබේද ?

සීමාසහිත දීගායු සමාගම විසින් ආයුර්වේදය හා සම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රම වල දියවැඩියා රෝග ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සිදුකල පර්යේෂණ මගින් නිර්මාණය කර තිබෙන දීගායු නිමධුරා ඖෂධය මෙයට හොඳම උදාහරණයයි. මෙම ඖෂධය සඳහා භාවිතා කරන්නේ ශාක ඖෂධ වල සම්මත සාරයයි. ඖෂධය කරල් වශයෙන් හා සීනි දහන පානය වශයෙන් දෙආකාරයකට ඉදිරිපත් කර තිබේ.

දීගායු නිමධුරා පාවිච්චි කල යුත්තේ කෙසේද?

මුලින්ම සිරුරේ සීනි මට්ටම අහඹු ලෙස රාත්‍රී ආහාරයට පෙර පරීක්ෂා කර සටහන් කර තබා දීගායු නිමධුරා කරල් 2 ක් රාත්‍රී ආහාරයට පෙර ගෙන ආහාරයට පසු දීගායු සීනි දහන පානය පැකට්ටුවක් නැටවූ ජලය මි.ලි. 300 ක විනාඩි 5 - 8 කාලයක් තබා ජලීය සාරය ජලය වෙනුවට පානය කල යුතුය. මෙය පසුදින උදෑසන හා දිවා ආහාර වේල් සමගද එලෙසම සිදුකර පෙර දින සීනි පරීක්ෂා කල වෙලාවටම පරීක්ෂා කර සටහන් කරන්න. පැය 24 කට පසු රුධිර සීනි මට්ටම අඩුවූ ප්‍රමාණයට අනුරූප ලෙස දීගායු නිමධුරා ඖෂධ මාත්‍රාව වෙනස් කරමින් රුධිර සීනි මට්ටම නිවැරදි ප්‍රමාණයේ පවත්වාගැනීම මගින් දියවැඩියා රෝග තත්වය ස්වාභාවික ලෙස පාලනය කර ගත හැක. මෙහි විශේෂත්වය නම් රසායනික ඖෂධ රුධිරය හා මුසු නොකර ස්වාභාවික ලෙස රුධිර සීනි මට්ටම පාලනය කිරීමට හැකි වීමයි.

මෙම ප්‍රතිඵලය සාර්ථක කර ගැනීම සඳහා කල යුතු තවත් දේ තිබේද ? තිබේ නම් ඒ මොනවාද ?

දීගායු සමාගම විසින් නිමධුරා ආයුර්වේද ඖෂධය නිර්මාණය කර ඉදිරිපත් කිරීමේ ප්‍රධානතම පරමාර්ථය වුයේ කෘතීම රසායනික ඖෂධ භාවිතාවෙන් තොරව උත්පත්තියෙන් තමන් වෙත දායාද කල ඉන්ද්‍රියයන් හැකි උපරිම කාලයක් ප්‍රයෝජනයට ගනිමින් ස්වාභාවික ලෙස රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම මගින් දිගු කාලයක් අවිනිශ්චිත හා අනපේක්ෂිත අතුරු ආබාධ වලින් තොරව ජීවත්වීමේ වාසනාව උදා කරදීමයි.

දියවැඩියා රෝගය ආහාර ජීරණ ඌණතාවයක් ලෙස හඳුනා ගෙන ඇති නිසා අප විසින් අවබෝධ කර ගත යුතු ප්‍රධානතම හා වැදගත්ම කරුණ නම් අප කුස තුලට ඇතුළු කරනා ආහාර පිළබඳ ඉතා පැහැදිලි හා විද්‍යාත්මක අවබෝධයක් ඇතිකර ගැනීමයි. ශ්‍රී ලංකාව වැනි දිනකට පැය 12 ක පමණ කාලයක් හිරු එලිය පතිත වන දිවයිනක හිරු එලිය මගින් නිසර්ගයෙන් සිරුරට ලබා දෙන විටමින් D හා කැලරි ප්‍රමාණයද සැලකිල්ලට ගතයුතු ඉතා වැදගත් සාධකයකි. ඉන් පසු සෑම ආහාර වේලකම අඩංගු පිෂ්ට හා සීනි ප්‍රමාණ මගින් සිරුරට එක්විය හැකි කැලරි ප්‍රමාණයන් පිලිබඳ නිවැරදි ලෙස තක්සේරු කල යුතුය. මෙම තක්සේරුව පදනම් කර ගෙන ආහාර වල සංයුතිය සකස්කර සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය කැලරි ප්ලමානයෙන් 80 % ක් පමණ ප්‍රමාණයක් සිරුරට ආහාර මගින් ලබා දිය යුතුය. සතියකට දින හතරක් පැයක කාලයක් තුල කිලෝ මීටර 5 ක දුරක් එක දිගට වේගයෙන් ඇවිදීම හා සිරුර ඇදෙන ව්‍යායාම වල නිරත වීම මගින් සියලු ඉන්ද්‍රිය එකවර ක්‍රියාත්මකවී අන්තර් ඉන්ද්‍රීය ක්‍රියාවලිය සැසඳීමේ අවස්තාව ඉන්ද්‍රිය පද්ධතියට ලබා දිය යුතුය.

රුධිර සීනි මට්ටම අහඹු ලෙස පස් වරු 7.00 ට පමණ (ආහාරයට පැය 4 කට පමණ පසුව) පරීක්ෂා කිරීමෙන් අවශ්‍ය පරිදි දීගායු නිමධුරා කරල් හා සීනි දහන පානය යන දෙකම හෝ පානය පමණක් භාවිතයෙන් රුධිර සීනි මට්ටම නිවැරදිව පවත්වා ගත හැකි වනු ඇත. මෙලෙස මාස 6 ක පමණ කාලයක් දිගටම පවත්වාගෙන යාම මගින් දීගායු නිමධුරා වලින් තොරව රුධිර සීනි මට්ටම සාමාන්‍ය නීරෝගී තත්වයට පත් කර ගැනීමටත් එමගින් දියවැඩියා රෝග තත්වයෙන් සම්පුරණයෙන් මිදීමේ අවස්තාව උදා කර ගැනීමටත් වාසනාව උදා කර ගත හැකි වනු ඇත.


00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka