Ayurvedic Immune Enhancing Triple Remedy

Ayurvedic  Immune Enhancing Triple Remedy

මාරාන්තික කොරෝනා වෛරසයෙන් බේරී සිටීමේ

නිවැරදි ආයුර්වේදානුකුල මග …… !!!!!!!!

බටහිර වෛද්‍ය ක්‍රමය විසින් වෛරස් රෝග වැලැක්වීම සඳහා එන්නත් ප්‍රතිකාර සොයා ගැනීමටත් බොහෝ කාලයකට පෙර සිටම එවැනි තර්ජන නිෂේධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය සිරුර තුල වර්ධනය කිරීමේ හැකියාවැති ස්වාභාවික ශාක ඖෂධ විශාල සංඛ්‍යාවක් වසර 5000 ක ඉතිහාසයක් තුල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විසින් හඳුනාගෙන ඇත. එ ලෙස හඳුනාගත් ශාක ඖෂධ 18 ක ජලීය සාර අඩංගු කර සීමාසහිත දීගායු ආයුර්වේදික් ඇන්ඩ් බොටැනිකල් ප්‍රොඩක්ට්ස් (පෞද් .) සමාගම වන අප විසින් නිදෝෂා පහසු තම්බන පේයාව, නිදෝෂා ක්ෂණික සමන පේයාව හා සමතුලනි ප්‍රතිශ්‍යා පැණිය වශයෙන් ප්‍රතිශක්ති ප්‍රවර්ධක හෙළ ඔසු ත්‍රිත්වයක් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

මෙම හෙළ ඔසු ත්‍රිත්වය පිළිබඳව පහත දක්වන විස්තර පරිදි ඔබට ගැලපෙන නිෂ්පාදනය තෝරාගෙන පාවිච්චි කර සිරුරේ ප්‍රති ශක්තිය වර්ධනය කර ප්‍රතිශ්‍යා ජනිත රෝග වලක්වා ගැනීම මගින් නාසය උගුර සහ ශ්වසන පද්ධතිය නීරෝගීව තබා ගන්නා ලෙස ආරාධනය කරමු.

1).ඒක පුද්ගල පරිභෝජනය සඳහා

දීගායු නිදෝෂා 18 පංගුවේ ක්ෂණික සමන පේයාව.

සීනි, විෂ රසායන හා මධ්‍යසාර වලින් තොර 100 % ආයුර්වේදානුකුල ප්‍රතිකාරය.

දවසට තුන්වරක් සෙන්ටිග්‍රේඩ් අංශක 30 ක පමණ උගුරට දැනෙන උණුසුමින් යුත් තේ , කෝපි හෝ උණු ජලය සමග පානය කරන්න

ග්‍රෑම් 2 ටි බෑග් 10 ඇසුරුම - රු. 150.00.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් අනුමත කර අංක 02/01/PD /12/414 යටතේ ලියා පදිංචි කල ආයුර්වේද ඖෂධයකි.

2). මුළු පවුලේම පරිභෝජනය සදහා

දීගායු නිදෝෂා 18 පංගුවේ පහසු තම්බන පේයාව

සවිවර ඇසුරුම එලෙසම ජලය තුල තබා තම්බා ගන්න.

තැම්බූ විගස ඉක්මනින් සාරය ජලයට එක්වනසේ පිරිසිදු කර තලා අඹරා සකස්කළ ආයුර්වේද ඖෂධ 18කින් සමන්විත පේයාව පානය .

තැමබිමේදී හානි නොවන ගුණයෙන් යුත් සවිවර ඇසුරුමක අඩංගු කර ඇත.

ජලය කෝප්ප (මි.ලි. 150 ) 10 ක් එක් කර කෝප්ප 5 දක්වා අඩුවන තෙක් තම්බා ලබා ගත් ජලීය සාරය දිනකට කිහිප වරක් සෙන්ටිග්‍රේඩ් අංශක 30 ට පමණ උෂ්ණත්වයට රත්කර පානය කරන්න.

ග්රෑම් 20 අඩංගු සවිවර ඇසුරුම - රු. 50.00 (කෝප්පයකට වියදම රු. 10.00)

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් අනුමත කර අංක 02/01/PD /12/415 යටතේ ලියා පදිංචි කල ආයුර්වේද ඖෂධයකි.



3). කුඩා දරුවන් හා වියපත් අය සදහා

දීගායු සමතුලනි ප්‍රතිශ්‍යා සමන පැණිය

ඇසුරුම කොනකින් විවෘත කර මුව තබා එලෙසම හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 30 ට පමණ උණුසුමින් යුත් තේ , කොපි , උණු ජලය වැනි ඕනෑම පානයකට මිශ්‍ර කර දිනකට 3 වරක් පානය කරන්න.

මිලි. ලීටර 10 ක් අඩංගු ඇසුරුමක් - රු. 20.00 පමණයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති නිෂ්පාදනයකි.

ආපිකෝ සුපිරි හා ඩේලි වෙළඳ සල්, කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ් සුපිරි වෙළඳ සල්, සිරිලක් සුපර්, නිව් ලංකා, පුහුල් යාය , සියලු ආයුර්වේද ඔසුසල් හා ෆාමසි වලින් ලබා ගන්න.

නිෂ්පාදනය හා බෙදාහැරීම :

සීමාසහිත දිගායු ආයුර්වේදික් ඇන්ඩ් බෝටැනිකල් ප්‍රොඩක්ට්ස (පෞද්.) සමාගම

අංක 43 ඒ., නුවර පාර ,

කලගෙඩිහේන , ශ්‍රී ලංකාව

ටෙලි : 0332297399, 0332297644, 0710397399, 0710397644

ඊ මේල්: deegayuayurveda@ gmail.com

අන්තර්ජාලය : www.deegayu.com

Comments

    No Comments Available..

Leave a Comment

Your Feedback is important to us.


00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka