DEEGAYU JOINTHEALER PLUS

DEEGAYU JOINTHEALER PLUS

The Wonder Natural Remedy Heals Joints from within

ශරීර අභ්‍යන්තරයෙන් සන්ධි රෝග සුව කරන විශ්මිත හෙළ ඔසුව

ආතරයිටිස් , සයටිකා හා අනෙකුත් විවිධ රෝග මෙන්ම ජීවන රටාව හේතුවෙන් විවිධ සන්ධි රෝග වලට ගොදුරුවීමට සිදුවන අතර එම සන්ධි ව්‍යාකුලතා සඳහා ස්ථිරසාර විසඳුම් ලොව දියුණුතම මෙන්ම නීතියෙන් පිළිගත් වෛද්‍යක්‍රමය වන ඇලෝපතික හෙවත් බටහිර වෛද්‍යක්‍රමය පවා සතුව නොමැති වීම අභාග්‍යයකි. බටහිර වෛද්‍යක්‍රමය විසින් නිර් මාණය කර ඇති රසායනික ඖෂධ සැමෙකක්ම පාහේ ඒකීය රසායනික සංඝටක වලින් සමන්විත වන අතර එම සංඝටක වල ක්‍රියාකාරිත්වය ඉතා පටු සීමාවක් තුල පමණක් බල පැවැත්වේ. රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධ වර්ග කිහිපයක් නිර්දේශ කිරීමට සිදුවනුයේ මෙම සීමාවන්ගේ හේතුවෙනි.

මිනිස් සිරුර විවිධ සන්ධීන් 360 කින් පමණ සමන්විත වන අතර සිරුර මෙසේ නිර්මාණය වීමට හේතුව වනු ඇත්තේ ජීවත්වීමේදී මුහුණදීමට සිදුවන විවිධ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නම්‍යතාවය සිරුරෙහි පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා විය හැක. සාමාන්‍ය පොදු ව්‍යවහාරයෙන් ගතහොත් සෑම සන්ධියක්ම එක්තරා වර්ගයක සරනේරුවක් ලෙස සැලකිය හැකිය.

ඕනෑම සරනේරුවක ක්‍රියාකාරිත්වය වනුයේ එක් කොටසකට සාපේක්ෂව අනෙක් කොටසට රිසි ලෙස චලනයට බඳුන්වීම සඳහා අවස්තාව උදා කරදීම වන අතර මුළු ශරීරයෙහිම කාර්යක්ෂමතාවය එම හැකියාව මත රඳා පවතී. සන්ධියේ ක්‍රියාකාරිත්වය සඳහා කිසියම් ලිහිස්සි ද්‍රව්‍යයක් සන්ධිය අභ්‍යන්තරයේ උත්පාදනය විය යුතු වේ. කාටිලේජ වටා පැතිර ඇති මෙම තරලය සයිනොවියල් තරලය ලෙස හැඳින්වේ.

මෙම තරලය උත්පාදනය වීම වයස්ගත වීමත් සමග ක්‍රමයෙන් හීනවී යන අතර එම හේතුවෙන් සන්ධියේ ඇති කාටිලේජ අතර ඝර්ෂණයක් ඇතිවී එම කාටිලේජ ක්‍රමයෙන් ගෙවී යාමකට බඳුන්වේ. මෙම සන්ධිය තුලින් සිහින් ශබ්ද ජනිත වීම මෙහි ප්‍රත්ඵලයයි. එනම් සරනේරුවට අවශ්‍ය ප්‍රමාණයට ලිහිස්සි ද්‍රව්‍ය නොලැබී යාමයි. මිනිස් සිරුර තුල අවයවයක් ලෙස පැවතියද සන්ධියක් යනු කිසියම් යාන්ත්‍රික කොටසක් ලෙස සැලකිය හැක. සන්ධියේ සුමට චලනය සඳහා අවශ්‍ය මෙම තරලය synovial fluid ලෙස හැඳින්වේ. සන්ධි චලනයේදී ඇතිවන ඝර්ෂණය වලකාලීම මෙම තරලය උත්පාදනය වීමේ අරමුනයි.

කිසියම් හේතුවක් නිසාවෙන් මෙම තරලය උත්පාදනය සන්ධිය තුල සිදු නොවේ නම් සන්ධි චලනයේදී ඇතිවන ඝර් ෂණය හේතුවෙන් කාටිලේජ ගෙවීයාම , අස්ථි එකිනෙක ස්පර්ශ කිරීම ආදී විවිධ විකුර්තීන් සිදුවී අවසානයේදී මුළු සන්ධියම ආපදා තත්වයට පත්වීම සිදුවේ. මෙය මුළු ජීවිත කාලයක් දුක් විඳීමට සිදුවන ඉතා අභාග්‍යසම්පන්න තත්වයක් වේ.

මෙම synovial fluid තරලය යනු කිසියම් පදාර්ථයක් වන අතර එය අවශ්‍ය ප්‍රමාණයට සන්ධි තුල උත්පාදනය වීය යුතුය. එසේ උත්පාදනය වීමට නම් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය පදාර්ථ අප විසින් අනුභව කරන ආහාර තුල ගැබ් විය යුතුය. එසේ නොවන්නේ නම් මෙම තරලය උත්පාදනය සිදුවීම අඩපන වන අතර සන්ධි රෝග සඳහා ප්‍රධානතම හේතුව මෙය ලෙස සැලකිය හැක. අප ගන්නා ආහාර ගැන කිසියම් අවධානයක් යොමු කළහොත් ඉතා පැහැදිලි සත්‍යය නම් අප සෑම දිනකම පාහේ ආහාරයට ගන්නේ එකම ආහාර වර්ග කිහිපයක් බවයි..

උදා : සහල්, තිරිඟු , ඉරිඟු, එලවලු , මස්, මාළු, කරවල ආදිය සමග කිසියම් අතුරුපසක්, කිරි ආදියයි.

මෙම දිනපතා අනුභව කරනු ලබන ඒකාකාරී ආහාර මගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කැලරි, ප්‍රෝටීන, මේද, ලවන හා විටමින් වර්ග ආදිය සිරුරට ලබා දුනද සන්ධි අභ්‍යන්තරයේ උත්පාදනය වියයුතු synovial fluid ලෙසින් හැඳින්වෙන තරලය සන්ධිවල කාටිලේජ වටා උත්පාදනය සිදු නොවන්නේ නම් සන්ධි ආපදාවට පත්වීම කිසි ලෙසකින් හෝ වැළක්විය නොහැකි බව සත්‍යයකි.

එසේ නම් සන්ධි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය synovial තරලය නමැති පදාර්ථය උත්පාදනය කල හැකි ආහාර වර්ග ආහාරයට එක් කර ගැනීම මගින් සන්ධි වල ක්‍රියාකාරිත්වය වඩාත් සුමට හා නීරෝගිමත්ව පවත්වාගත හැක.

දීගායු JOINTHEALER PLUS ඖෂධයේ අඩංගු CATSCLAW , BOSWELIA , CURCUMIN , CHITIN හා SEACUCUMBER ආදී විශේෂ ස්වාභාවික සාර ආහාරයට ගැනීම මගින් සන්ධි තුල පවතින විකුර් ති තාවයන් සමනය කර ඒවා ප්‍රකුර් ති තත්වයෙන් පවත්වාගෙන යා හැකි බවට ඉහත ශාක සාර පිලිබදව සිදුකර තිබෙන අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇත.

ඉහත ස්වාභාවික ඖෂධ මගින් සන්ධි තුල සිදුකරන ජෛව රසායනික කාර්ය භාරය සිදු කිරීමට නුතන වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරනු ලබන ඒකීය රසායනික සංඝටක වලට හැකියාව නොමැති බව ඉතා මැනවින් තහවුරු වී ඇත.

තවද සන්ධි මත බාහිරින් ආලේප කරනු ලබන තෙල් හා පත්තු වැනි කිසිවක් සම තුලින් සන්ධිය අභ්‍යන්තරයට ලඟාවීමේ හැකියාවක් නොමැති අතර කිසියම් ආශ්චර්යයක් හේතුවෙන් ළඟාවූවද එමගින් සන්ධිය පෝෂණය කිරීමේ ක්‍රියාවලියක් සඳහා විද්‍යාත්මකව පැහැදිලි කිරීමේ හැකියාවක් නොමැත.

සන්ධිය අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීමේ හැකියාවෙන් යුත් එකම ඖෂධය Deegayu JOINTHEALER PLUS පමණක් බව අවිවාදයෙන් සඳහන් කල හැක.


Deegayu JOINTHEALER PLUS ලබා ගන්නේ කෙසේද?

මෙම ඖෂධය වි වෘත වෙළඳ පොල වෙත මෙතෙක් නිකුත් කර නොමැති හේතුවෙන් එය අප වෙතින්ම ලබා ගැනීමට සිදුවන බව කාරුණිකව දැනුම් දෙමු.

මුළු දිවයින පුරා කාර් යක්ෂම ලෙස භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදුකරන ප්‍රධාන පෙලේ කුරියර් සමාගමක් විසින් Deegayu JOINTHEALER PLUS හෙළ ඔසුව ඔබ වෙතටම ගෙනවිත් භාරදීමට කටයුතු සලස්වා ඇති බව සතුටින් දන්වා සිටිමු.

ඒ සදහා භාණ්ඩය ගෙනවිත් දුන් පසු ඔබ විසින් ගෙවිය යුතු මුළු මුදල රු. 2490.00 ක් පමණක් වේ.

ඔබගේ වටිනා ඇනවුම

දුරකථන අංක 0332297399, 0332297644, 0710397399 හා 0710397644 යන අංක ඇමතීමෙන්,

0710397399 හා 0760966164 අංක වෙත WhatsApp කිරීමෙන් හෝ

sales.deegayu@gmail.com වෙත ඊ මේල් කීරීම මගින් භාර දිය හැක.

ඒ සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සමග ඔබගේ ලිපිනය හා දුරකථන අංක ලබාදීම ප්‍රමානවත්වේ.

ඔබගේ අනවුමට අනුව පාර්සලය දින කිහිපයක් ඇතුලත අප කුරියර් සේවය මගින් ඔබ වෙතටම ගෙනවිත් භාරදෙනු ඇත.

ඇනවුම භාරගන්නා අවස්ථාවේ රු. 2490.00 ක් පමණක් ගෙවීමට කාරුණික වන්න.







Comments

    No Comments Available..

Leave a Comment

Your Feedback is important to us.


00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka